(ඞී.කේ.රත්න , කපිල චන්දන කුරුප්පුආරච්චි සහ විජේරත්න රත්නායක)
සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර හා ණය දෙන සමිතියේ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා රජයේ දේපළ අවභාවිත කිරීමේ යෙදී ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ බදුල්ල දිස්ත‍්‍රික් සංවිධානය අද (04) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
මෙම මැතිවරණය මේ මස 08 වන දින පැවත්වීමට නියමිත අතර එම මැතිවරණයේදී ගුරුවරුන්ගේ ඡන්දය ලබා ගැනීම සඳහා මේ වනවිටත් රජයේ වාහන භාවිතා කරමින් ප‍්‍රචාරක කටයුතු සිදු කරන බවත් ඊට අමතරව පළාතේ ගුරුවරුන් සඳහා කෑම බීම ලබාදෙමින් සතුටු කිරීමට කටයුතු කරන බවත් ලංකා ගුරු සේවා සංගමයේ බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රියන්ත වර්ෂමාන මහතා පැවසීය.
මෙම මැතිවරණය මේ තාක් කිසිදු දේශපාලන පක්ෂයකට යට නොවී ස්වාධීනව පැවති අතර ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙවර මෙම මැතිවරණය දේශපාලනීකරණය කිරීමට කටයුතු කරන අතර ඊට එරෙහිව තම සංගමය කටයුතු කිරීමට සැලසුම් කරන බවද ලංකා ගුරු සේවා සංගමයේ බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රියන්ත වර්ෂමාන මහතා පැවසීය.

