ඌව ලබන සතියේ විසිරැවෙයි?


ඌව පළාත් සභාව ජූලි 05 වැනි දා විසිරවීමට නියමිතය. සැප්තැම්බර දෙක දක්වා නිල කාලය පවත්නා ඌව පළාත් සභාව දෙමාසයකට කලින් ඡන්දයට යයි.

රජයෙන් මහ අමැති පදවියට දැන් සිටින මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තරඟ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් වන බව දැනටම ප්‍රකාශ කර ඇත.

බෝනස් මන්ත්‍රීන් දෙදෙනකු සමග ඌව පළාත් සභාවේ සම්පූර්ණ මන්ත්‍රීන් ගණන 34කි.