ඌව මහඇමති අධ්‍යාපන ඇමති ධූරයෙන් තාවකාලිකව ඉවත් වෙයි


ඌව මහඇමති චාමර සම්පත් දසනායක මහතා සිය පළාත් අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන්  තාවකාලිකව ඉවත් වන බව ප්‍රකාශ කර ඇත.

විදුහල්පතිනියක දණගැස්සවීමේ සිද්ධිය  සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන පරීක්ෂණ සඳහා සහයෝගය දීමට තමා තනතුරෙන් ඉවත් වන බව මහඇමතිවරයා කියා සිටී.