අමල් වික්‍රමරත්න
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට විරෝධය පළකරමින් අද (22) දිනයේ විරෝධතා දෙකක් පැවැත්වීමට තීරණය කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පැවසීය.
මින් පළමු විරෝධතාවය අද දහවල් අනුරාධපුර ඩි.එස්.වටරවුමේ දී සහ හෙට සවස 2.00ට ආමර් වීදියේ දී ගුරු විදුහල්පති වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා කීවේය.
ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල දෙමළ බාලිකා විදුහල්පතිනිය දන ගැස්වීම සමස්ත ගුරු පරපුරත් විදුහල්පති පරපුරටත් කරන ලද නින්දාවක් බවත් බරපතල අපහාසයක් බවත් පවසන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා එයට එරෙහිව විරෝධය පලකිරීමට තම සංගමය සියලු සංවිධාන සමඟ එක්වන බව පැවසීය.
මෙම තත්වයට විරෝධය පළකිරීමක් වශයෙන් හෙට දිනයේදී අනෙකුත් ගුරු විදුහල්පති සංගම් සමග එක්වී බදුල්ල නගරයේදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බවද මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මෙම සිද්ධිය හේතු කරගෙන පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.

