ඌව මහ ඇමැතිට පක්ෂ හා විපක්ෂ උද්ඝෝෂණ දෙකක්


(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල නගරයේ බාලිකා පාසලක විදුහල්පතිනියට තර්ජනය කළ ඌව පළාත් පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායකට වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනපතිගෙන් ඉල්ලමින් අද(15) බදුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණි.

ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය, ඌව පුරවැසි එකමුතුව ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඊට එක්විය.

මේ අතර ඌව ප්‍රධාන අමාත්‍යවරයාට බොරු චෝදනා එල්ල කරමින් අපහාස නොකරන ලෙස ඉල්ලා බදුල්ල නගරය අවට පිරිසක් ද අද ඌව පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ.