ඌව මහ ඇමැතිගෙන් පැය තුනක ප්‍රකාශයක්


විනීතා එම් ගමගේ

විදුහල්පතිනියක් දන ගැස්සවීමේ චෝදනාවට ලක්ව සිටින ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම  හමුවේ අද  (01) පෙනී සිටියේය. 

එම චෝදනාව පිළිබඳව පැවැත්වෙන පරික්ෂණය සඳහා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණෙන මෙන් මානව හිමිකම් කොමිසම කළ නියෝගයක් අනුව හෙතෙම කොමිසම හමුවට පැමිණියේය.  පෙරවරු 9 ට මානව හිමිකම් කොමිසම ඉදිරියේ පෙනී සිටි ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශය පැය තුනකට ආසන්න කාලයක් තිස්සේ සටහන් කරගනු ලැබිණි.
         
මානව හිමිකම් කොමිසම විසින් ඌව පලාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසුව බදුල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක ටී එම් පී තෙන්නකෝන් මහතා ගෙන් හා බදුල්ල අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රණසිංහ මහතා ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට මානව හිමිකම් කොමිසම පියවර ගත්තේය. 

ලංකා ගුරු සංගමය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් මානව හිමිකම් කොමිසම වෙත  කළ පැමිණිල්ලක් අනුව මෙම පරික්ෂණය පැවැත්විණි.