ඌව මහ ඇමැති පොලිසියට බාරවෙයි


විදුහල්පතිනියක් දණ ගැස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  උෟව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා මීට සුළු මොහොතකට පෙර  බදුල්ල පොලිසියට බාර විය.

දසනායක මහතා අද (23) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

උසාවි සංකිර්ණය අවට දැඩි ආරක්ෂාවක් යොදාවා තිබේ.

පොලිසියෙන් මහ ඇමැතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු ඔහු බදුල්ල මහේස්ත්‍රාත් අධිරණයට රැගෙන යනු ලැබීය.