ඌව මහ ඇමැති ගැන පරීක්ෂණයක් කරන්න ජනපතිගෙන් නියෝග


ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා බදුල්ල පාසලක විදුහල්පතිනියක දණ ගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඌව ආණ්ඩුකාරවරයාට සහ පොලිස්පතිට නියෝග කර ඇත.

පරීක්ෂණය පවත්වන තුරු මහ ඇමැතිවරයාට අයත් ඌව පළාත් අධ්‍යාපන ඇමැති ධූරය ආණ්ඩුකාරවරයා වෙත පවරා ගන්නා ලෙසද ජනපති දැනුම් දී තිබේ.