විනීතා එම්. ගමගේ
බදුල්ලේ දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහලපතිනිය දණ ගැස්වූ හා තර්ජනය කළ ඌව පලාත් ප්‍රධාන අමාත්‍යවරයාව කාන්තා හිංසන චෝදනා යටතේ වහා අත් අඩංගුවට නොගතහොත් ගුරුවරු සහ විදුහල්පතිවරු වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සුදානම් බව ලංකා ගුරු සංගමය පවසයි.
තර්ජනය කිරීමෙන් නොනැවතී පසුව බිය ගන්වා ඇය ලවා අසත්‍ය ප්‍රකාශයක් බලෙන් ලබාගැනීම පිළිබඳවද මහඇමතිවරයාට එරෙහිව පියවර ගත යුතුයැයි ලංකා ගුරුසංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අතර ඇගෙන් අසත්‍ය ප්‍රකාශයක් බලෙන් ලබා ගැනීමට හවුල් වූ බව කියන ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකාව, පළාත් අධ්‍යාපන ලේකම්වරිය සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාවට එරෙහිවද වහා විනය පියවර ගන්නැයි ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යැවූබව ද ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කලේය.
මෙම නිලධාරින් සම්බන්ධයෙන් අමාත්‍යංශය ගන්නා පියවර පිළිබඳ විමසිල්ලෙන් සිටින බව ද ලේකම්වරයා තවදුරටත් පැවැසීය.

