(එෆ්.අස්ලම්)
ඌව පළාතේ සියළුම පළාත් පාලන ආයතනවල සභා සැසිවාරයන්හිදී නියෝජිතයින් අතට ලබාදෙන වාර්තා ඇතුළු සියළුම ලිපි ලේඛන සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම නිකුත් කරන ලෙසට ඌව පළාත් ආණ්ඩුකාරවර ආරිය බී කේ මහතා පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මහතා වෙත උපදෙස් දී තිබේ.
එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.අරවින්දකුමාර් මහතා විසින් පළාත් ආණ්ඩුකාරවරයාගෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් ආණ්ඩුකාරවරයා මෙලෙස උපදෙස් ලබාදි තිබේ.
වතුකරයේ දෙමළ හා මුස්ලිම් දේශපාලන නියෝජිතයින් බහුතරයකට සිංහල භාෂාව කියවීමේ හා ලිවීමේ හැකියාව නැති බවට හා පළාත් පාලන ආයතන රැස්වන අවස්ථාවන්හි වාර්තා ඇතුළු සියළුම ලේඛණ පිටපත් සිංහල භාෂාවෙන් පමණක් නිකුත් කිරීම ගැටළුකාරී තත්වයක් වී ඇතැයි පෙන්වා දෙමින් අරවින්ද කුමාර් මහතා විසින් ආණ්ඩුකාරවරයා හට ලිපියක් යොමුකර තිබුනේ මීට මාසයකට පමණ ඉහතදීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වන සංශෝධනයේ 22 - 1 වගන්තියට අනුකූලව මෙම ක්‍රියාමාර්ගය ගන්නා ලෙසට පළාත් පාලන කොමසාරිස්වරයාට සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාට ආණ්ඩුකාරවරයා ලිඛිතව දැනුම් දී තිබේ.