(ප්‍රසාද් රුක්මල්)
ඌව පළාත් සභාව ඉදිරිපිටදී ගැටුමකට සම්බන්ධ වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඌව පළාත් සභාවේ එජාප මන්ත්‍රී ඒ ගනේෂමූර්ති මහතා රුපියල් 10000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සුජීවන සිල්වා මහතා අද (26) නියෝග කළේය.
ඌව පළාත් සභාව ඉදිරිපිටදී පහරදී තුවාල සිදුකිරීම ,අයුතු අවහිරය ,අයුතු ජනරාශිය සහ ප්‍රසිද්ධ ස්ථානයක සාමය කඩවන ලෙස හැසිරීම යන චෝදනා යටතේ ඒ මහතා අත්අඩංගුවට ගෙන තිබිණි.
මීට අමතරව රැකියා ලබාදෙන බවට පොරොන්දු වී මුදල් වංචා කළැයි චෝදනා ලැබූ එම මන්ත්‍රීවරයා රුපියල් 450000ක ශරීර ඇපයක් මත මුදාහැරිණි.
සිදුවූ ගැටුමෙන් තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබා පසුව බදුල්ල අධිකරණයට ඉදිරිපත් කළ හය දෙනකු එක් අයෙකුට රුපියල් 10000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙක බැගින් වූ ඇප කොන්දේසි මත මුදාහැරීමට නියම කෙරිණි.

