ඌව එජාප අපේක්ෂක රිමාන්ඩ්


ඌව පළාත් සභාවට  එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකුගේ පුතකු වන තරිදු සම්පත් ජයසුරිය (28) ට පසුගිය තුන්වැනිදා  පිහියෙන් ඇන තුවාල කළැයි සැකපිට එජාප පළාත් සභා අපේක්ෂක   ජානක තිස්ස කුට්ටිආරච්චි (එජාප)මොනරාගල මහේස්ත්‍රාත් සංජිව ජිනදාස මහතා විසින් ලබන12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.