
(ඡායාරූපය - ප්‍රසන්න පද්මසිරි)
(සටහන - පාලිත ආරියවංශ සහ ප්‍රසන්න පද්මසිරි)
ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමණාකරු ලෙසට ඌව ආණ්ඩුකාර කාර්යාලයේ සේවය කළ පුද්ගලික කාර්යමණ්ඩලයේ පුද්ගලයෙකුට අවිධිමත් පත්වීමක් ලබාදී ඇතැයි පවසමින් ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවකයන් දැක්වූ විරෝධතාවක් නිසා ඌව ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රය අද (02) උණුසුම්විය.
එය ඌව ප්‍රවාහන අධිකාරියේ පත්වීමක් බව අවධාරණය කළ ආණ්ඩුකාර කොල්ලුරේ මහතා කෙසේ නමුත් මෙම පත්වීම අවලංගු කර විධිමත් අයුරින් නියමිත ක්‍රියා පටිපාටිය අනුව සුදුසු අය තෝරා පත්කරන ලෙස මාර්ගස් මගී ප්‍රවාහන අධිකාරියට සභාපතිවරයාට උපදෙස් දුන් බවද සඳහන් කළේය.
ආණ්ඩුකාරවරයාගේ මේ තීරණයට අවනත වූ විරෝධතාකරුවෝ සාමකාමී ලෙස විසිර ගියහ.
එක් සේවකයෙක් නිලධාරියෙකුගේ වාහනය ධාවනය කිරීමට නොහැකිවන සේ අවහිර කරමින් බිම වැතිර විරෝධතාවට එක්ව සිටියේය. විරෝධතාව පැවති අවස්ථාවේදී, ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රයට බදුල්ල පොලිසිය දැඩි රැකවල් යොදා තිබිණි.
විරෝධතාකරුවන් පවසා සිටියේ, දැනට සිටින සේවකයන්ට තවත් වැටුප් ගෙවීමට නොහැකි තත්වයකට ඌව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පත්ව ඇති අතර, සේවක අර්ථ සාධක පවා ගෙවීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි. තමන් තවමත් ඉතා අඩු වැටුපකට වැඩකරන අතර අවිධිමත් නව පත්වීම්වලට ඉහළ වැටුප්තල පිහිටුවා ඇතැයි ද ඔවුහු කියාසිටියහ.
අප කළ විමසුමකදී ආණ්ඩුකාරවරයා පැවසුවේ මෙම පත්වීම පිළිබඳව තමාගේ කිසිම සම්බන්ධයක් නැති බවය.



(ඡායාරූප - පාලිත ආරියවංශ)

(ඡායාරූපය - ප්‍රසන්න පද්මසිරි)

