ඌව අධ්‍යාපන ලේකම් ඇතුළු පිරිස තනතුරුවලින් ඉවතට



 
තරිඳු ජයවර්ධන
 
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ  විදුහල්පතිනිය දණගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වන තුරු ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය එම තනතුරින් තාවකාලිකව ඉවත් කරන බව ඌව ආණ්ඩුකාර එම් පී ජයසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් කමිටුවක් පත් කර තිබේ.
 
විදුහල්පතිනියට මහ ඇමැතිවරයා බලපෑම් කළැයි කියන අවස්ථාවේ පළාත් අධ්‍යාපන ලේකම්වරිය ඇතුළු පිරිස සිටි බවත්, මහඇමැතිවරයා බලපෑම් කළැයි කියන සිද්ධිය යටපත් කිරීමට ඔවුන් විදුහල්පතිනියට බලපෑම් කර ඇති බවත් ගුරු සංගම් චෝදනා කළේය.
 
ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ බදුල්ල කලාප අධ්‍යක්ෂ සම්බන්ධයෙන් ද ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් විමර්ශන ආරම්භ වී ඇති අතර විමර්ශන අවසන් වන තුරු ඔවුන් ද තනතුරු වළින් ඉවත් කිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
 
මෙම පිරිස අනියුක්ත කරන ස්ථාන සම්බන්ධයෙන් අද (24) ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයේ රැස්වීම් කිහිපයක් පැවැත්විණි.

පරීක්ෂණ ස්වාධීනව කරගෙන යෑමේ අරමුණින් මෙම පිරිස තාවකාලිකව වෙනත් ස්ථානවලට අනියුක්ත කරන බව ආණ්ඩුකාරව එම් පී ජයසිංහ මහතා කීවේය.