ඌරුජුවා -කොස්ගොඩ තාරක ඝාතනයහෙළා දකිනවා


(රංජන් කස්තුරිආරච්චි)

 පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදනකු වූ ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක ඝාතනය කිරීම දැඩිලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 මෙම සිදුවීම් පිළිබඳව අවධානය යොමුකර එවැනි සිදුවීම් වළක්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකා  නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සංගමයේ පිරිස් සහ ලේකම් නීතීඥ රජීවී අමරසූරිය යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කර ඇත.