බිමල් ශ්‍යාමන් ජයසිංහ
උයන ලද ඌරු මස් ව්‍යාංජනය ප්‍රමාණවත් නොමැති යැයි උරණව නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නිවස්නය තුළ දී එය බාරව සිටි පොලිස් පරීක්ෂකවරයාට ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයකු පහරදුන් බව මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාගේ නියමයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් නුවරඑළිය බලා පිටත්ව ගොස් සිදුකළ විමර්ශන වලදී ඒ බව හෙළි වී ඇත.
වලදී පහර කෑමට ලක්වූ පොලිස් පරීක්ෂක දයානන්ද අලහප්පෙරුම මහතාගෙන් මෙන්ම, අරක්කැමියාගේ එහි වේටර්වරයාගෙන් මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිවස්නය බාර සහකාර පොලිස් අධිකාරවරයාගෙන් ද ප්‍රකාශ ලබා ගත් බව විශේෂ විමර්ශන ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතා පැවසීය.

