ඌරා මරා 35000 ක් දඩකයි : ප්‍රා . මන්ත්‍රීටත් වරෙන්තු


වන සත්ව හා වෘක්‍ෂලතා ආඥා පනත අනුව විකිණිම  හා ප‍්‍රදර්ශනය  තහනම් වල් ඌරු මස් විකිණු ශ්‍රී පලාබද්දල  මහවත්තේ ජී.ජී. සෝමසිරිට රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා රුපියල් තිස්පන් දහසක  ගෙවීමට නියම කළේය.

සැකකරු  අත් අඩංගුවට ගනිද්දී රත්නපුර ප‍්‍රාදේශීය සභා එක්සත් ජනතා සන්ධාන මන්ත‍්‍රී රණවක කළුආරච්චි  මහතා වනජීවි නිලධාරීන්ගෙන් සැකකරු මුදා ගැනිමට තැත් කළැයි සමනල ස්වභාව රක්‍ෂිතයේ ස්ථාන භාර නිලධාරී  උසාවියට දැන්වීය.

ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රී අත්අඩංගුවට ගැනිමට වරෙන්තු කරන ලෙස මහේස්ත‍්‍රාත්  පොලිසියට නියෝග කළේය.