(ලක්මි කුඩලිගම)
වල් ඌරන් දඩයම් කිරීමට කුඹුරක ඇද තිබු විදුලි රැහැනක පැටලී අගලවත්ත පැලෑඳ ගලගංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අද (09) මියගොස් ඇතැයි බදුරලිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බදුරලිය පොලිස් වසමේ ගලගංගොඩ, පැලෑද අගලවත්ත පදිංචි කාරියවසම් මානආරච්චිගේ විදුරංග ගයාෂාන් (31) යන අය බව පොලීසිය කියයි.
ඔහුගේ දෙමාපියන්ට අයත් නිවසට මිටර් 150 ක් පමණ එහායින් ඇති කුඹුරු ඉඩමේ ඔහු විසින්ම වල් ඌරන් දඩයම් කිරීමට අනවසර විදුලි රැහැනක් ඇද ඇති අතර අද එම විදුලි රැහැන් ඉවත් කිරිමට ගිය අවස්ථාවේ දි එම කම්බියක්ම පෑගි විදුලි සැර වැදීම නිසා මෙම අනතුර සිදුව ඇතැයි තොතුරු දැනගනනට ඇති බව පොලීසිය කියයි.

