පුන්කුඩිතිව්හි සිසුවිය පාසල් නිල ඇඳුමෙන් සිටියදී දූෂණය කොට මරා දැමීමේ සිද්ධිය වෙනුවෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් අද(15) නැවත කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ මව හා සහෝදරයාගේ සාක්කි කැඳවන අවස්ථාවේ සිහි මුර්ජාවී රෝහල්ගත කළ බව අධිකරණ ආරංචි කියයි.
ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් තිල්ලේනාදන් චන්ද්‍රකාන්තන් (31), මහාලිංගම් සුෂිදරන්(30), ශිවදේවන් තුෂාන්තන් (23), පී.කුගදාසන් (26) , ජෙයකරන් ගෝපිතන් (26) හා මහාලිංගම් සෂිකුමාර් (41) සහ එකම පවුලේ තිදෙනකු වන පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංහම් ජයකුමාර් හා පූබාලසිංහම් තවකුමාර් යන සැකකරුවන් යළි ජුලි 13 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමටත් අදාළ සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමට ත‍්‍රස්ත විමර්ශන ඒකකයට පැවරීමටත් කයිට්ස් මහේස්ත‍්‍රාත් වි.ලෙනින්කුමාර් මහතා නියෝග කළේය.





