(නිමන්ති රණසිංහ)
කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් පුද්ගලයකුට වෙඩි තැබීමට උත්සාහ ගත් බව කියන සැකකරු ලබන 04 වැනිදා තෙක් කෙසෙල්වත්ත පොලිසියේ රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට මාලිගාකන්ද වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත.
එසේම මෙම සැකකරු සන්තකයේ හෙරොයින් ග‍්‍රෑම් පහයි මිලිග‍්‍රෑම් 300ක් තිබී සොයා ගනු ලැබූ බවද කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
ඒ අනුව මෙලෙස රැඳවුම් නියෝග නිකුත් වූයේ සමිට්පුර මට්ටක්කුලිය පදංචි මහවත්තගේ ප‍්‍රසන්න නැමැති 48 හැවිරිදි සැකකරුවකුටය.

