ඉන්දිකා රාමනායක
රුපියල් ලක්ෂයකට අධික වටිනා හොරොයින් මත්කුඩු තොගයක් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත රැගෙන යාමට උතසහය කිරීමේ පොලිස් අත්අඩංගුවට පත් සැකකරු දින 7 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට මාලිගාකන්ද වැඩබලන මහේස්ත‍්‍රාත් ප‍්‍රියාරත්න බාලසිංහ මහතා අද (2) කෙසෙල්වත්ත පොලිසියට අවසර දුන්නේය.
මෙලෙස රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අවසර ලැබුණේ පෑලියගොඩ පදිංචි අසංක පුෂ්පකුමාර නැමැත්තෙකි.
මෙම සැකකරු බදාදා (1) ග‍්‍රෑම් 10 යි මිලිග‍්‍රෑම් 500 ක ප‍්‍රමාණයක් ගුලියක් ආකාරයෙන් ශරීරයේ සඟවාගෙන අධිකරණය තුළට ඇතුළු වු අවස්ථාවේ අධිකරණයේ රාජකාරියේ නිරත කෙසෙල්වත්ත පොලිසියේ කණ්ඩායමක් සැකකරු පරීක්ෂා කර මේවා අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීම සඳහා සැකකරු දින 7 රඳවාගෙන පොලිසියට අවසර දෙන ලෙසට ඉල්ලා සිටියේය.

