උසාවි ලේඛනාගාරයට ගිනි තැබු අයෙක් අත්අඩංගුවට



( ඩි.කේ.රත්න )


බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයට ගිනි තබා ලේඛන දහස් ගණනක් විනාශ කළ බවට සැකපිට පුද්ගලයෙකු බණ්ඩාරවෙල පොලීසිය විසින් අද (08)  අත්අඩංගුවට ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.


හාලිඇල උඩුවර පහේ කණුව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතලිස් එකක පුද්ගලයකු මෙසේ සැකපිට බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් වෙසක්  පෝය දිනට පසු දින එනම් පසුගිය 30 වන දින උදෑසන 9.00 ට පමණ බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයේ ලේඛනාගාරය ගිනි ගැනීමෙන් ලේඛන දස දහස් ගණනක් විනාශ විය.