උසාවි නියෝගය මිහින්තලේ හිටපු නායකට
මිහින්තලේ රජ මහා විහාරාධිපති පදවියේ සියලු කටයුතු ද වත්කම් හා පුණ්‍යාධාර පාලනයද හිටපු විහාරාධිපති නාමල්වැවේ රතනසාර හිමියන්ට එරෙහිව පනවා ඇති අතුරු වාරණ ආඥාව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල් නිලධරයෝ ඒ හිමියන්ට බාරදුන්හ. අතිරේක මහේස්ත්‍රාත් ලක්මාලි හේවාවසම් මහත්මියගේ නියෝගයට ගරු කරන නමුත් ලබන 18 වැනිදා තමන්ද අධිකරණයේ පෙනීසිටින බවත් එතෙක් කිසිවක් කිසිවකුට බාර නොදෙන බවත් හිටපු විහාරාධිපති පිස්කල් නිලධරයනට කීවේය.

