අම්බලන්තොට උස්සංගොඩ ජාතික උද්‍යානය නැරඹීමට එහි පැමිනෙන සංචාරකයිනට කිසිදු පහසුකමක් ලබා දි නොමැති බව සංචාරයට පැමිනෙන අය පවසති.
මෙරට 21 වැනි ජාතික උද්‍යානය ලෙස 2010 සැප්තැම්බර් මස 30 දින වනජීවි දෙපාර්තුමේන්තුව උස්සංගොඩ ජාතික උද්‍යානය ගැසට් කර ප්‍රකාශයට පත් කර තිබේ.හුංගම කලමැටිය කුරුළු අභය භූමියට යාබදව වැලිපටන්විල ධීවර වරායට බටහිරින් හෙක්ටයාර 349 ක පමණ භූමිභාගයක උස්සංගොඩ ජාතික උද්‍යානය පිහිටා තිබේ.
ජාතික උද්‍යානයක සිදු නොකළ යුතු මිනිස් ක්‍රියාකාරකම් දැක්වෙන නාම පුවරු වලට පමණක් උස්සංගොඩ උද්‍යානය සීමාවී තිබෙන බව එහි එන සංචාරකයෝ පවසති.
උල්කාපාතයක් පොළව මතට වැටිමෙන් ගිනි ගැනිම නිසා උස්සංගොඩ පොළව තද රතු පැහැ ගැනි වී ඇති බව ජනප්‍රවාදයේ සඳහන්වේ. උස් නොවූ තැනිතලා භූමියක අක්කර සියයක පමන ගස් කොලන්උසට නොවැඩී සූර්ය ක්‍රාන්ති, විශ්ණුක්‍රාන්ති,චන්ද්‍ර කාන්ති යන ඖෂධ පැලෑටි පමණක් මෙම භූමියේ දක්නට ලැබීම විශේෂත්වයකි.
රාවණා රජුගේ මාළිගාවක් තිබූ බවටත්, මංගර දෙවියන් මෙහි වැඩ සිටි බවටත් අතීත ජනප්‍රවාදවල සඳහන්වේ.
වාහන ගාල් කර තැබීමට හා එහි ආරක්ෂාවට කිසිදු වැඩපිළිවෙළක් නොමැත.සති අන්ත දිනවල උපකාරක පංති වලට යන සිසුන් ගෙන් වැඩි පිරිසක් ජෝඩු වශයෙන් ලඳුකැළා වල සැරි සරති. රන් මාල කඩා ගැනිම්, මුදල් හා ජංගම දුරකථන සොරකම්කිරීම්, වෙනත් අපචාර සිද්ධී , මත් පැන් පානය කිරීම් වැනි ක්‍රියා නිසා අම්බලන්තොට හා හුංගම පොලිසිවල එවැනි සිද්ධින් සම්බන්ධව පරීක්ෂණ පවත්වා තිබේ.
ජාතික වශයෙන් වැදගත් මෙම උද්‍යානය නමට පමණක් නම්කර අත හැර දැමීමෙන් එහි ප්‍රතිපල ලබා ගත නොහැකි බව ප්‍රදේශවාසිහු කියති.
කලමැටිය අඩවි ආරක්ෂක කාර්යාලයෙන් මෙම උද්‍යානය පාලනය වුවද එහි නිළධාරීන්ට සිය රාජකාරී කටයුතු කිරීමට වත් කාර්යාලයක් ඉදිකර නොමැත.එම නිළධාරින් යතුරු පැදිවලින් ජංගම මුර සංචාරයේ යෙදීම සිදුකෙරේ.
මේ සම්බන්දව දකුණු කලාපය භාර වනජිවී සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස මහතා කියා සිටියේ උස්සංගොඩ ජාතික උද්‍යානය සංවර්ධන සඳහා ව්‍යාපෘති වාර්තාවක් සකසා ඉදිරිපත් කර ඇති බවයි. මුරකුටියක්, වාහන ගාල් කිරිමට රථ ගාලක් , උද්‍යානයට වාහන ඇතුල් කිරීමට නොහැකි වන සේ අමතර මාර්ග වසා දැමිම වැනි යෝජනා මෙයට ඇතුලත් කර ඇති බවය.
මෙම උද්‍යානය තුළ සංචාරක හෝටල් ඉදිකිරීමට විවිධ පාර්ශව පසුගිය කාලේ විවිධ උත්සාහයන් දැරුවත් උස්සංගොඩ ජාතික උද්‍යානය අවට පදිංචි කරුවන්ගේ දැඩි විරෝධතා හමුවේ එම ව්‍යපෘති නම් ඉවත් කර ගැනිම සිදු කළ බව ජනතාව පවසති.





