උසස්වීම් වලට ලකුණු දීමේ ක්‍රමයෙන් පොලිස් උප සේවයේ සිටි අයට අසාධාරණයක්


( ඉන්දිකා රාමනායක)


පොලිස් උප සේවයේ සිට 2006 වසරේ නිත්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කළ  පොලිස්  සාමාජියන්ට උසස්වීම් ලබා දීමේ  ඔවුන් සේවට බැදුණු  දිනය සිට සේවා කාලය නොසලකා හැර  අන්තර්ග‍්‍රහණය කළ දින සේවා කාලය වශයෙන් සලකා ළකුණු ලබා දීමේ කි‍්‍රයාවලින්    එම පොලිස් නිලධාරීන් දැන්  අපහසුතාවට පත්ව සිටින බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග කියයි.


පසුගිය රජය සමයේ  2006.2.24 දින  උප සේවයේ සිටි සියලූ  පොලිස් සාමාජියන්  නිත්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කර ඇති අතර 32.000 ට වැඩි පිරිසක් එලෙස නිත්‍ය සේවයට එක්ව තිබුණි.


එවකට උසස්වීම් ලබා දීමේ දී මෙම පිරිසට සේවයට බැදුණු දින සිට සේවා කාලය වශයෙන් සලකමින්  ලකුණු ලබා දී තිබු  බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.


 වර්මාන රජය සමයේ උසස්වීම් ලබා දීමේ දී  උප සේවයේ සිට අන්තර්ග‍්‍රහනයට ලක් වු නිලධාරීන්ට  ඔවුන් සේවයට බැදුණ දින සිට  සේවා කාලය ලබා නොදී අන්තග‍්‍රහණය කළ දිනය සිට සේවා කාලය සලකා  ලකුණු ලබා දී තිබු බවද  එම උසස් නිලධාරියා කීය. 


මේ හේතුවෙන් වසර 10-15 වැඩි කාලයක් උප සේවයයේ සිටි පොලිස් නිලධාරීන්ට සිය සේවා කාලය අනුව  ලකුණු අහිමි වන බවද එම නිලධාරියා කීය.


පොලිස් කොස්තපල් තනතුරේ සිට පොලිස් සැරයන් දක්වා  පොලිස් සැරයන් සිට උප පොලිස් පරීක්ෂක දක්වා, උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස්  පරීක්ෂක දක්වා  සිදුකළ උසස්වීම් වලදී මෙම කි‍්‍රයාවලිය අනුගමනය කිරීමෙන් උප සේවසේ සිටි පොලිස් නිලධාරීන්ට අසාධාරණයක් සිදුව තිබු බවද පොලිස් ආරංචි මාර්ග කියයි. 


මෙම කි‍්‍රයාව හේතුවෙන් උසස්වීම් ලබා දීමේ දී  උප සේවයේ සිට නිත්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කර සිටින නිලධාරීන්ට සහ නිලධාරිනියන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.