මේ වසරේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස. (උසස් පෙළ) විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීමේ අවසාන දිනය මාර්තු 31 දින දක්වා දීර්ඝ කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, මෙතෙක් විභාගයට අයැදුම් කිරීමට නොහැකි වූ අපේක්ෂකයන් වේ නම් ඔවුන් අන්තර්ජාලයෙන් පමණක් අයදුම් කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
ඒ සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතු වේ නම් 1911 ක්ෂණික ඇමතුම් අංකය අමතා තොරතුරු ලබා ගත හැකිය.

