උසස් පෙළ හෙට


රංජන් කස්තුරි
 
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2018 විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2268 දී හෙට (6) ආරම්භ කෙරේ.
 
උසස් පෙළ විභාගය සඳහා මෙවර සිසුන් 321429 දෙනෙකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර අයදුම්කරුවන් විභාග ශාලාවලට පැමිණිය යුතු බව ද දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
අයදුම්කරුවන්ට ස්මාර්ට් අත් ඔරලෝසු, ජංගම දුරකතන, විද්‍යුත් උපකරණ ආදිය භාවිතය කිරීම තහනම් කර තිබෙන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.