උසස් පෙළ ලියන්න ගිය සිසුවා පැහැර ගත්තැයි පැමිණිල්ලක්


ජේ.කේ.එල්.චාමින්ද සහ සුමතිපාල දියගහගේ
 
මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටීමට ඥාති නිවසක සිට අද (6) උදෑසන විභාග මධ්‍යස්ථානය වෙත යමින් සිටි  සිසුවෙකු වෑන්  රථයකින් පැමිණි බව කියන පිරිසක් පැහැරගෙන ගොස්  අහංගම ගොයියාපාන ප්‍රදේශයේ දමා ගිය බටට එම සිසුවා  මාතර පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

 
විභාගයට යාමට පහසු නිසා මෙම සිදුවා මාතර  ඥාති වරයෙකුගේ නිවසේ සිට ඇති අතර උදෑසන ඥාති නිවසින් පිටව විභාගයට සහභාගී වීමට යමින් සිට ඇත.
 
මෙම සිසුවා මාතර ඉසදීන් ටවුමේදී උදෑසන 7.20 ට පමණ මෙම පැහැර ගැනීම සිදුවූ බව පැමිණිල්ලේ සඳහන්ය.
 
සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ  පවත්වයි.