උසස් පෙළ ප්‍රතිඵලය යළි ඉල්ලයි


උසස් පෙළ ව්‍යාකූල ප්‍රතිඵලය අහෝසිකර නැවත සමීක්ෂණයකින් නිවැරදි ප්‍රතිඵල ලබා දෙන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සංගමය සහ උසස්පෙළ සිසුන් 16 දෙනෙකු අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය. විභාග කොමසාරිස්, අධ්‍යාපන ඇමැති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම, නීතිපති සහ ඉසෙඩ් ස්කොර් ක්‍රමය උසස් පෙළ විභාගයට හදුන්වා දුන් මහාචාර්ය ආර් ඕ තටිල් යන අය මෙහි වගඋත්තර කරුවෝ වෙති.