උසස් පෙළ ප්‍රතිඵල තව පමාවේ
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල දෙසැම්බර් අවසාන වීමට පෙර නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. විභාග ලකුණු හෙට වුවත් නිකුත් කළ හැකි නමුත් ඉසෙඩ් ස්කෝර් කඩ ඉම් ලකුණු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් නොලැබීම ප්‍රතිඵල පමාවට හේතුව බව ද කීය.මෙම ප්‍රතිඵල සඳුදා නිකුත් කරන බව උසස් අධ්‍යපන ඇමැති එස්.බී. දිසානායක මීට කලින් පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

