උසස් පෙළ ප්‍රතිපලේට බාලගිරි දෝසේ


අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් දින කිහිපයක් ගත විය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ කියයි. ඉෂෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් නොලැබීම මීට හේතුවයි. නොවැම්බර් අගදී නිකුත් කළයුතු මේ ප්‍රතිඵල නිකුත් කිරීම දිනෙන් දින කල් ගියේය. පැරැණි හා නව නිර්දේශයනට ගැලපෙන සේ ඉසෙඩ් ස්කෝර් ක්‍රමයට සැකැසෙන නව සූත්‍රය පමාවීම නිසා තව දින කිහිපයක් ප්‍රතිඵල පමා වන බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී දිසානායක මහතා මහනුවරදී පැවැසීය.