උසස් පෙළ නඩුව ඉහළ උසාවියේ.
ව්‍යාකූල තත්වයට පත්වූ උසස් පෙළ ප‍්‍රතිඵල වහා අත්හිටුවා නැවත නිවැරදි ප‍්‍රතිඵල නිකුත් කරන ලෙස ඉල්ලා පාසැල් සිසුන් 16 දෙනකු සහ ලංකා ගුරු සංගමය එක්ව ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලින.
විභාග කොමසාරිස්, අධ්‍යාපන අමාත්‍යවරයා, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, නීතිපතිවරයා සහ උසස් පෙළ විභාගයන් ඉසෙඞ් ස්කෝර් කඩඉම් සූත‍්‍රය ඉදිරිපත් කළ මහාචාර්ය ආර්. ඕ. තටිල් වගඋත්තරකරුවෝ වෙති.
පෙබරවාරි 13 වෙනිදාට එම වගඋත්තරකරුවන්ට කරුණු ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

