(යොහාන් භාසුර)
මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර දෙක ලබන පෙබරවාරි මස 1 වැනිදා නැවත පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ඒ අනුව පෙබරවාරි මස 1 වැනිදා පෙරවරු 8.30 සිට 11.40 දක්වා කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍ර ද, එදින පස්වරු 1.00 සිට 3.00 දක්වා කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍ර ද, පවත්වන බව කියන විභාග කොමසාරිස් ජනරාල්වරයා පාසල් අයදුම්කරුවන්ට අදාළ විදුහලේ විදුහල්පතිවරයාට ද, පෞද්ගලික අයදුම්කරුවන්ට පෞද්ගලික ලිපිනයට ද , විභාග ප්‍රවේශ පත්‍රය යොමු කරන බවද සඳහන් කරයි.
කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍ර පිටවී ඇති අතර පළමු ප්‍රශ්න පත්‍රයේ ද ප්‍රශ්න කීපයක් පිටවී ඇති බවත් ඒ හේතුවෙන් මෙසේ එම ප්‍රශ්න පත්‍ර දෙක නැවත පැවැත්වීමට තීරණය කළ බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

