උසස් පෙළ අර්බුදේට කොටුවේ වීදි බසී


අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමාලෝචනය කර අර්බුදය වහා විසඳන ලෙස බල කරමින් පෙත්සමක් අත්සන් කිරීම කොටුව දුම්රිය පොළ ඉදිරිපට දී පැවත්විණ. පාසල සුරැකීමේ ජාතික ව්‍යාපරය විරෝධතාව සංවිධානය කර තිබේ.