
(කාංචන කුමාර ආරියදාස)
අද ආරම්භ වූ උසස් පෙළ විභාගයට පෙනී සිටි මට සූදානමින් සිටි දඹුල්ල ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සිසුවියක අභිරහස්ලෙස නිදි යහනේදීම මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇති සිසුවිය අද (10) උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක බවද පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ තරුෂි චමෝදි 19 නැමති දඹුල්ල ජාතික පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියකි.
මෙම දියණිය ඊයේ( 09 ) සිය කාමරයේ සිටිමින් අධ්‍යාපන කටයුතු සිදු කර ඇති අතර පසු දින විභාගයට යාම සඳහා අවශ්‍යදෑද සුදානම් කර නින්දට ගොස් ඇතැත්, උදෑසන අවදි නොවීම පිළිබදව මව්පියන් සොයා බැලීමේදී ඇය සිහිසුන්ව ඇති බව සිතා දඹුල්ල මූලික රෝහලට ඇතුළු කර තිබේ.
නමුත් බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් ඇයව පරික්ෂා කර බැලීමේදී ඇය ඒ වන විටත් මියගොස් ඇති බව සනාථ කරගෙන ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
සිසුවියගේ මරණයට හේතුවක් තවමත් අනාවරණය වී නැතැයි පොලීසිය කියයි.

