(ඩයනා උදයංගනී)
මෙවර අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයන් ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
ඒ අනුව ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් මස 15 සිට දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වීමටත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වන ඉරිදා දින පැවැත්වීමට සැලසුම්කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

