උයන්වත්ත වැවේ ගිලි පුද්ගලයකු මරුට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ චමිලා අල්විස්)       

කොතලාවල උයන්වත්ත වැවේ ගිලි විවාහක පුද්ගලයෙක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

මිය ගිය පුද්ගලයා ඉංගිරිය ඇඳුරාගල ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ නගර සභාවේ ලිපිකරුවකු ලෙස සේවය කරන සජිත් රසාංග
නැමැති 34 හැවිරිදි  පුද්ගලයෙකි.

පුද්ගලයා පෙරේදා රැකියාවට ගොස් නිවසට පැමිණ අවශ්‍යතාවයක් සඳහා නිවසින් පිටවී නැවතට නිවසට නොපැමිණීම සම්බන්ධයෙන්  සහෝදරයෙකු විසින් ඔහු සෙවීමේදී ඔහුට අයත් යතුරුපැදිය කොතලාවල  උයන්වත්ත වැවේ සොරව්ව අසල තිබී දැක පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව කිමිඳුම්කරුවන් යොදා සිදු කළ පරික්ෂාවේදී දිය යට තිබී මළ සිරුර අද උදේ සොයා ගත් බව පොලිසිය කියයි

සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොඩගෙන හොරණ මහ රෝහල වෙත යොමු කළ බව පොලිසිය සඳහන් කරයි

බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසිකර මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 35492 කුමුදු මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.