උයන්වත්ත වැව ළඟ මහ රෑ කලබලයක්


බණ්ඩාරගම උයන්වත්ත වැව අසල රාත්‍රී 11.30ට පමණ එකිනෙකාට පහර ගසා ගනිමින් කලකෝලාහල කරගනිමින් සිටි තරුණියන් දෙදනකු හා තරුණයන් සිව් දෙනකු ගම්වාසීන්ගෙන් ලද තොරතුරක් මත අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

බණ්ඩාරගම රෝහල් වෛද්‍යවරයාට පෙන්වූ අවස්ථාවේ මොවුන් අධික ලෙස මත්පැන් පානය කර සිටි බවට පොලිසිය තහවුරු කරගෙන ඇත.

වයස අවුරුදු 23 ක් හා 25 ක් වන තරුණියන් දෙදෙනා ගාල්ල හා බොරලැස්ගමුව ප්‍රදේශවලත්, තරුණයින් පානදුර අවට පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.