(නිමල කොඩිතුවක්කු)
උමා ඔය ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක ප‍්‍රදේශ ආශ‍්‍රිතව විශේෂ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් නොවැම්බර් 1 වැනිදා සිට ස්ථාපිත කරන බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් කිංස්ලි ප‍්‍රනාන්දු මහතා අද(26) පැවසීය.
ඉදිරි මාස තුනේ හදිසි වැස්සත් සමග ඇතිවන ආපදා තත්වයන් අවම කරගැනීම සදහා ජනාධිපති විසින් ඉදිරිපත් කරන ලද හදිසි අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාවක් ලෙස එය ක‍්‍රියාත්මක කරන බවද ලේකම්වරයා සදහන් කළේය.
ආපදා කළමණාකරන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
බණ්ඩාරවෙල නගරයේ ඌව ගුවන් විදුලි මධ්‍යස්ථානයේ පළවෙනි මහලේ ස්ථාපිත කෙරෙන මෙම විශේෂ මධ්‍යස්ථානය මාස 03ක කාලයක් සදහා ක‍්‍රීයාත්මක වේ.
එහි කටයුතු පිළිබඳව සතිපතා වාර්තාවක් කැඳවීමට කටයුතු කරන බවද කිංස්ලි ප‍්‍රනාන්දු මහතා පැවසීය.
ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන්, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මාධ්‍ය උපදේශක කාර්යංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා පීඨය යන ආයතනවලින් නිලධාරීන් තුන් දෙනකු බැගින් මේ සදහා පත් කරනු ලැබ සිටිති.

