උමා ඔය යෝජනා ක්‍රමයට එරෙහි පැමිණිල්ල විභාගයට


උමා ඔය බහුකාර්ය යෝජනා ක‍්‍රමයට එරෙහිව ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන අගෝස්තු 12 වැනිදා කැඳවීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කළේය.

බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම්.ඞී.පී.මනතුංග මහතා ඇතුළු උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින් හතරදෙනෙකු සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් නිවාස , වගාබිම් පමණක් නොව පානීය ජල පහසුකම් පවා  අහිමි කරමින් සිදු කරන මෙම ව්‍යාපෘතිය නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට පැමිණිලි කරමින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශ ලේකම් එන්.රූපසිංහ , වාරිමාර්ග සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම් , මධ්‍යම පරිසර අධිකාරිය සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

චන්ද්‍රා ඒකනායක, ප‍්‍රියසාත් ඩෙප්, සහ ඊවා වනසුන්දර යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවනු ලැබීය.