උපේක්ෂා පැදවූ මෝටර් රථය අනතුරක


(ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂෙන් සෙනෙවිරත්න)

ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වන උපෙක්ෂා ස්වර්ණමාලි  මහත්මිය පැදවූ මෝටර් රථය යතුරු පැදිය ගැටීමෙන් යතුරු පැදිය පැදවූ තරුණයකු තුවාල ලබා රෝහල් ගත කළ බව කටුගස්තොට පොලිසිය කියයි.

මහනුවර කුරුණෑගල මාර්ගයේ හාරිස්පත්තුව ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(ඡායාරූප: මොහොමඩ් ආසික්)