මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පිරිස් ගල් ගසා මරා දැමිය යුතු යැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද සිටි රැස්වීමක දී ප්‍රකාශ කළ දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී වී උපුල් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
රහස් පොලිසිය කරුණු දක්වමින් එම සිද්ධියට අමතරව උපුල් ළඟ ජාතික හැඳුනුම්පත් දෙකක් හා සාමාන්‍ය ගමන් බලපත්‍රයක් ද, රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ද තිබූ බව කීවේය.
හැඳුනුම්පත් දෙකේ උපන් දින වෙනස් බවත්, මහින්ද රාජපක්ෂ රජයක් යටතේ පොලිසිය ගල් ගසා මරා දැමිය යුතුයැයි ඔහු කළ ප්‍රකාශය රට ගිනිගන්නා සුළු ප්‍රකාශයක් හෙයින් ඔහු රිමාන්ඩ් කරන ලෙස ඉල්ලා සිටියේය.
ජනාධිපති නීතීඥ රසික් සරුක් උපුල් වෙනුවෙන් පෙනී සිටිමින් පැවසුවේ ගමන් බලපත්‍රය ගැනීමට සැබෑ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර ඇතැයි ද, වරද සිදුවී ඇත්තේ ඔහු අතින් නොවේයැයි ද කීවේය.
ඔහු කර ඇතැයි කියන වැරදි ඇප දිය හැකි වැරදි බවත් මෙම සිද්ධිය සමථ මණ්ඩලයකට යොමු කළ හැකි බවත් නීතීඥවරයා ඉල්ලා සිටියේය.





