ටෝනි කරුණානායක
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ තෙන්නකෝන් මහතාගේ බිරිඳට පහරදීම සම්බන්ධයෙන් යුද හමුදා මේජර්වරයකු ඇතුළු හමුදා සාමාජිකයින් 6 දෙනෙකුට විරුද්ධව ඇති නඩුවේ විමර්ශන අවසන් කර පැමිණිල්ල ගොනු කරන ලෙසට ගම්පහ මහෙස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (20) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.
එම පහරදීම 2009 වර්ෂයේ ජනවාරි 23 වැනි දා ගම්පහ ඉඹුල්ගොඩ දී සිදුකර තිබුණි.
2017 වසරේ අප්‍රියෙල් 7 වැනි දා සැකකරුවන්ට අධිකරණයෙන් ඇප නියම කිරිමෙන් අනතුරුව අධිකරණය හමුවේ නඩුව කැඳවු සෑම අවස්ථාවකම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් දුරකතන විශ්ලේෂණ වාර්තා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව අධිකරණය දැනුවත් කරන බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ අවසන් නොකිරිමෙන් තම සේවාදායකයන්ට ඉමහත් අගතියක් සිදුවන බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටිති.