මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආධාරකරුවකු වන බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර ජනාධිපති කොමිසමට ඇතුළු වීමට යද්දී කලබල කළ බව එහි ආරංචි මාර්ග කියයි.
ඒ අතර කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසනුයේ ශාලාවේ ඉඩ කඩ නොමැති හෙයින් පැමිණෙන සියලු දෙනාටම පහසුකම් සැලසීමට අපහසු බවයි.
කොමිසමේ නියෝග මත කැඳවන්නන් නීතිඥවරුන් හා මාධ්‍යවේදීන් පළමුව ඇතුළු කරන බවත් ඒ සම්බන්ධයෙන් යම් අපහසුවක් වේ නම් කොමිසම බලවත් කනගාටුව පළ කරන බවත් එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා කියයි.




