බරපතල අපරාධ දූෂණ පිළිබඳ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමේ දී කලහකාරී ලෙස හැසිරුණු බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පසුගිය සිකුරාදා ජනපති කොමිසමට කැඳවූ අවස්ථාවේ රාජපක්ෂ මහතා සමග එහි ගිය උපාලි කොඩිකාර රාජකාරියට බාධාවන අයුරින් හැසිරුණු බවට චෝදනා ලැබ අධිකරණය ඉදිරිපත් කෙරුණි.
මීට පෙර අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධයකට එක්වීම සම්බන්ධයෙන්ද මහේස්ත්‍රාත් ඔහුට අවවාද කළේය.
(ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ)
(සිකුරාදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසල දී )
(රිමාන්ඩ් කළ පසු බන්ධනාගාරයට රැගෙන යමින්)









