උපාධිධාරීන් 5000කට රජයේ රැකියා


අජන්ත කුමාර අගලකඩ
 
උපාධිධාරින්ට රැකියා  ලබාදීමේ වැඩසටහන යටතේ පළමු අදියරේ දී උපාධිධාරීන් 5000 කට කඩිනමින් රැකියා ලබාදීමට රජය තීරණය කර ඇත.


ඒ සඳහා ඉදිරිපත් කර තිබු කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.


නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම උපාධිධාරින් 5000 කට රජයේ රැකියා කඩිනමින් ලබාදෙන අතර ඉන්පසුව ඉතිරි උපාධිධාරින් පිරිසට ද රැකියා ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.


පළමු අදියර සඳහා 2016 දක්වා වන උපාධිධාරීන් තෝරා ගැනීමට ද අනුමැතිය ලැබී තිබේ.