උපාධි සහතිකයෙන් ‘සයිටම්‘ නම ඉවතට


(විනීතා එම් ගමගේ)


සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කිරීමට  නියමිත සයිටම්  සිසුන්ගේ උපාධි සහතිකයෙන් සයිටම් නම ඉවත් කළ බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.


සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කිරීමේ දී ඔවුන්ගේ වෛද්‍ය උපාධි සහතිකයට විශ්ව විද්‍යාලයේ  නම ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය යන්න සඳහන් වෙද්දී  වරහන් තුළ සයිටම් යන්නද ස`දහන් කිරීමට පෙර තීරණය කර තිබු අතර ඊට ශිෂ්‍ය විරෝධතා මතුවී තිබුණි. 


එම නම ඉවත් කරන ලෙස උපදෙස් දුන් බවත් උපාධි සහතිකය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් ලැබෙනු ඇති අතර එහි සයිටම් නම සඳහන් නොවන බව සහතික කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. 


මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ කොළඹ නෙළුම් පොකුණේ අද (06)පැවැති රැුස්වීමක දීය. සයිටම් සිසුන් හා මව්පියන් දැනුම්වත් කිරීම ස`දහා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.


සයිටම් නම ඉවත් කරන බවට ජනාධිපතිවරයා සිය කථාවේ දී පැවසූ අවස්ථාවේ සිසුන් හා දෙමාපියන් අත් පොලසන් දෙමින් සිය සතුට පළ කරනු දැකිය හැකිවිය. 

(ඡායාරූප -  ගයාන් අමරසේකර)