උපාධි අපේක්‍ෂිකාව මාල කඩයි


සුළු මවගේ නිවසේ උගස බේරීම සඳහා දෙවැනි වසරේ උපාධි අපේක්‍ෂිකාවක පිහියක් පෙන්වා කතකගෙන් රන් මාලයක් කඩාගෙන පැන යද්දී ගම්පොල ත‍්‍රිරෝද රියැදුරෝ පිරිසක් ඇය අල්ලා පොලිසියට බාරදුන්හ. රුපියල් ලක්‍ෂ නවයක් එකතු කැර ගත් ඇයට තවත් රුපියල් පනස් දාහක අඩුවක් තිබූ බවද බැංකුවේ අවසන් නිවේදනය ආ පසු පිහියත් රැගෙන ඇය පාරට බැස ඇති බවද කියති. මව අහිමි ඇය ආබාධිත පියාද පාසල් වියේ සහෝදර සහෝදරයින්ද රැක බලා ගනිමින් සුළු මව සමග ජීවත් වන බවද පොලිසිය පවසයි.