උපාධි අපේක්ෂිකාව මැරීයැයි හොරෙක් සැකපිට


මාතලේ වරාපිටියේ ලලනි නදීශා උපාධි අපේක්ෂිකාවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ගෙවල් බිඳුම් සහ සොරකම්වලට සම්බන්ධ බව කියන පුද්ගලයකු හය මාසයකට පසු රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

සිය සහෝදරයාගේ විවාහ මංගල්‍යය දා රාත්‍රීයේ මව සමග නිදා සිටි බවත්, නිවසේ බඩු සොරකම් කිරීමට ඇතුළු වූ බව කියන සැකකරු හඳ එළියෙන් තරුණිය දැක ඇති බවත්, හිසට පහරදී නිවසින් එළියට ඇදගෙන විත් ඇය දූෂණය කර ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරු අඟහරුවාදා (11) මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.