උපරිමාධිකරණයේ ආරච්චි තනතුරට 12,000ක් පෝලිමේ


රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා 
 
කොළඹ අලූත්කඩේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ ප‍්‍රධාන ආරච්චි තනතුරෙහි පුරප්පාඩුව වෙනුවෙන් අයැදුම්කරුවන් 12,000ක් අයදුම්පත් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

 
මේ වන විට මෙම පුරප්පාඩුව වෙනුවෙන්   සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන අතර අයදුම්කරුවන් විශාල පිරිසක් පෝලිම් ගැසී අලූත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට රැස්ව සිටන අයුරු දක්නට ලැබිණි.
 
අදාළ තනතුර සඳහා අයැදුම් කළ 12,000 අතරින් මූලික සුදුසුකම් ලැබූ පිරිස් කණ්ඩායම් වශයෙන් සම්මුඛ පරීක්ෂණ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛාධිකාරිනිය වන මහේෂි ජයසේකර මහත්මිය හමුවට කැඳවනු ලබයි.